Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදුල්ලේ නායයෑම්වලින් මිය ගිය ගණන 11ක් දක්වා ඉහළට

12 months ago

අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඊයේ (26) දිනයේ ඇති වූ තද වැසි හේතුවෙන් නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් රැසක් වාර්තා වී ඇති අතර, සහන සේවා කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටී.