Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දැදුරු ඔය ආශ්‍රිතව ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්

12 months ago

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බවත්, එමෙන්ම දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ අඩි 77,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ‍ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය, අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට මෙම අධි ගංවතුර තත්ත්වයෙන් බලපෑම් ඇතිවිය හැකි බවයි එහි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.