ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු අවපීඩනය අද(27) මීට කෙටි වේලාවකට පෙර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම සුළි කුණාටුව ” දිත්වා” ලෙස නම් කර තිබේ.
යේමනය විසින් යෝජනා කරන ලද මෙම නම, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල් විසින් සකස් කරන ලද පූර්ව අනුමත ලැයිස්තුවක අන්තර්ගතවේ.
දකුණු මුහුද ආශ්‍රිතව වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය 25 වැනිදා අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වූ බවත්, 26 වැනිදා පීඩන අවපාතයක් බවට පත්වී, අද (27) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රීතිකා ජයකොඩි පවසනවා.
එම තත්ත්වය මේ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවත්, මෙහි බලපෑම නිසා ඉදිරි දින කිහිපයේද දැඩි වර්ෂා තත්ත්වයක් පැවතිය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
