Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට මහ ගංවතුර රතු නිවේදනයක්

12 months ago

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නිසා එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවන මහ ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.

ගංගාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු වන බවත්, මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.