Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසි ආපදා සහන සේවා වෙනුවෙන් දැවැන්ත මුදලක් වෙන් කරයි

12 months ago

ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර තිබෙනවා.

මේ බව නිවේදනයක නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

ඊට අමතරව මුදල් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම මුදල ඉල්ලා සිටින ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිතුමා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් උදෑසන නවයට පැවැත්වීමටද කටයුතු යොදා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සඳහන් කරන්නේ