Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෞද්ගලික අංශයේ සේවක නිවාඩු සඳහා සහන‍යක් සලසන ලෙස ඉල්ලීමක්

12 months ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (28) සහ හෙට (29) යන දෙදින සේවයට පැමිණිය නොහැකි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නිවාඩු සඳහා සහනදායි ක්‍රමයක් අනුගමනය කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අද දිනය විශේෂ නිවාඩුවක් ලෙස ලබාදුන් අතර, රාජ්‍ය අංශයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට්ටුවක් අද පස්වරුවේ ජනපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා.