Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පස් කන්දක් ඉවත් කිරීමට ගිය RDA සේවකයින් පිරිසක් අනතුරට ලක්වෙයි! ලොරි රථ රියදුරෙක් අතුරුදහන්!

12 months ago

වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අවාසනාවන්ත අනතුරකට ලක්ව තිබේ.

මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කරන අතරතුර, ඉහළින් තිබූ වේල්ලක් ගසක් සමඟ නැවත මාර්ගයට කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එම අවස්ථාවේ සිටි ලොරි රථ රියදුරෙකු මේ වනවිට අතුරුදන්ව ඇති අතර, පස් කන්දට යටවූ සේවකයෙකු මුදාගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.