කැලණි ගඟ ආශ්‍රිතව ඇතිවිය හැකි ආපදා තත්ත්වය වෙනුවෙන් යුද හමුදා භට පිරිස් 7900 ක් ස්ථානගතකර ඇති බව යුද හමුදාපති වරයා පැවසුවා.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා බස්නාහිර පළාත තුල පමණක් රාජකාරි සඳහා යුනිකෝන් රථ 18 ක්, බීටී ආර් රථ 26 ක්, බෝට්ටු 30 ක් සූදානම් කර ඇති බවයි.
මේ වන විට ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ කටයුති සඳහා යුද හමුදාවේ භටපිරිස් 22 400 ක් පමණ යොදවා ඇති අතර ඔවුන් පුද්ගලයින් 1551 ක් දෙනකු මුදාගෙන තිබෙනවා.
මීට අමතරව යුද හමුදාවේ භට පිරිස් අවහිර වූ මාර්ග සහ ගං ඉවුරු සකස් කිරීමේ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.
