දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇතිවී තිබෙන දැඩි ගංවතුර සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් ක්ෂණික ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබා දීමට නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් (Julie Chung) මහත්මිය මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම දුෂ්කර දිනවලදී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, ආපදාවට පත් පවුල්වලට දිගටම සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කරනවා.
