Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදා මරණ 159ක් දක්වා ඉහළට 

12 months ago

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 203දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එම මධ්‍යස්ථානය අද (29) රාත්‍රී 8.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. 

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234,503ක පුද්ගලයින් 833,985 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.

එමෙන්ම පවුල් 34,19කට අදාළව පුද්ගලයින් 122,822 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 919ක රැඳී සිටී.