Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට මිලියන 50ක ප්‍රසම්පාදන බලතල

12 months ago

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සේවා සැපයීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මිලියන 50 දක්වා ප්‍රසම්පාදන කටයුතු කිරීමට අවසර ලබා දී තිබෙන බව
ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ පවසනවා.

සහකාර ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද(30) උදෑසන මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් කරුණු දක්වමින් සහකාර ලේකම්වරයා මෙලෙස සඳහන් කළා.

” ආර්ථික සහන සැලසීමේ මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට කිසිදු බාධාවකින් තොරව මිලියන 50 දක්වා ප්‍රසම්පාදන කටයුතු කරන්න අවසර ලබා දී තිබෙනවා. තමන්ගේ ප්‍රදේශයේ තත්වය සලකා බලා ප්‍රාදේශීය ලේකම්තුමාට බලය තිබෙනවා. සුදුසු කමිටුවක් පත්කර අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ආපදා සහන සේවා සැපයීමට යම් කිසි තොරතුරක් දැනුම් දීමට අවශ්‍ය නම් අදාල අංක වෙත දැනුම් දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා” යනුවෙන් සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ පවසනවා.