අධික වැස්සෙන් ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මාවිල්ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 121 දෙනෙකු මුදාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (30) දින කටයුතු කර තිබෙනවා.
මාවිල්ආරු මුදාගැනීම් මෙහයුම් සදහා යොදවා තීබූ ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මගින් මොවුන් බේරාගෙන අද පස්වරුවේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 4ක් මාවිල්ආරු තත්ත්වය නිරීක්ෂණයට සහ මුදාගැනීම් සඳහා යොදවා තිබෙන අතර තවදුරටත් මුදාගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
