මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිරවූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
මේ වනවිට ගුවන් මෙහෙයුම් මඟින් පුද්ගලයින් 121 දෙනෙකු බේරා ගෙන ඇත.
මූතූර් සහ නීලපොළ ප්‍රදේශවල ජනතාව ඊයේම ඉවත් කර ඇති අතර, කින්යා නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. ඇතැම් පිරිස් ගස් උඩ රැඳී සිටින අතර ඔවුන්ව බේරා ගැනීමට නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
සෝමපුර, සිරිමංගලපුර, කල්යාර්, දෙහිවත්ත ප්‍රදේශවල ජනතාව ගුවනින් සේරුනුවර නවෝද්‍යා පාසලට රැගෙන ගොස් ඇති අතර, ඉන්පසු ඔවුන් සේරුවාවිල රජමහා විහාරයේ ආරක්ෂිත ස්ථානයකට තාවකාලිකව රැඳවීමට නියමිතය.
