හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවයි.
අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත රැගෙන යාමට පියවර ගත් බවත් අනෙක් රෝගීන්, ගංවතුර මට්ටම් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
