Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට නැවත ගොඩනැඟීමට ශක්තිමත් අරමුදලක්

12 months ago

ආපදා  තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය – පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒඅනුව සියලුදෙනා දාය කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ සඳහා ආකාර  කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බවත්, එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බවත් සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස, කුඹුරු, වගාබිම්, මහාමාර්ග, පාලම්, රජයේ ගොඩනැගිලි පාසල් සහ ඇතැම් ස්ථානවල විදුලි කණු පවා බිද වැටී තිබෙන බවත්, නාය යාම් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.