Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

12 months ago

තවමත් පවතින කොළඹ දිස්ත්‍රික්ක අධි ගංවතුර තත්ත්වය තවදුරටත් පහත යමින් කැලණි ගඟේ නාගලගම්වීදියෙන් ජල මට්ටම අද දහවල් 12 වන විට මීටර් 7.10 දක්වා පහත බැස තිබෙනවා. 

කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් මීටර් 7.29 මට්ටමේ පවතින අතර එය ද බැස යමින් පවතින බවයි නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. 

කැලණි ගඟේ සෙසු සියලු ස්ථාන මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙනවා. 

එමෙන්ම මී ඔයේ කළු ගඟෙහි ජල මට්ටමද තවදුරටත් පහත යමින් පවතිනවා. 

ප්‍රධාන ජලාශවල සෙසු සියලු ජල මටට්ටම් සාමාන්‍ය මට්ටමට පැමිණ තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.