අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර වූ කොළඹ – මහනුවර පුද්ගලික බස් සේවාව අද (02) සිට යළි ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ, දැනට කොළඹ බලා මහනුවරින් ධාවනය වන වායූ සමනය කළ නගරාන්තර සේවා බස් රථ 18ක් ගලගෙදර මාර්ගයෙන් ධාවනය කරවන බවයි.
සාමාන්‍ය සේවා කොළඹ බලා ධාවනය වන බස්රථ ගලගෙදර කුරුණෑගල හරහා ධාවනය කෙරෙන බවත් අධිකාරියේ සභාපති වරයා වැඩිදුරටයත් පැවසීය.
