අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඒ අනුව, වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් කාර්යාල මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු සියලුම සේවාවන් හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බවයි සඳහන් වෙන්නේ.
කෙසේ වෙතත්, පද්ධති බිඳ වැටීම සිදුවූ දිනවල සේවා ලබා ගැනීමට නොහැකි වු ජනතාවගේ පහසුව සඳහා මීට පෙර දැනුම් දුන් පරිදි පහත සඳහන් විශේෂ විධි විධාන එලෙසම ක්‍රියාත්මක බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසා සිටින්නේ.
01. ලිඛිත පරීක්ෂණ (Written Exams) පැවැත්වීම:
පද්ධති දෝෂය සහ කාලගුණය හේතුවෙන් අවලංගු වූ විභාග, පහත සඳහන් නව දිනවලදී පැවැත්වේ.
2025.11.27 දින පැවැත්වීමට තිබූ විභාග – 2025.12.08 වන දින පැවැත්වේ.
2025.11.28 දින පැවැත්වීමට තිබූ විභාග – 2025.12.09 වන දින පැවැත්වේ.
(මෙම විභාගයන්, ඔබගේ වේලාව වෙන්කර ගැනීමේ ලේඛනයේ (Booking Document) සඳහන් වේලාවන් හිදීම පැවැත්වේ.)
02. මගහැරුණු වේලාවන් (Appointments) සඳහා:
පද්ධති බිඳ වැටීම සිදු වූ 2025.11.27 හා 28 සහ 2025.12.01 හා 02 යන දිනවල වේලාවන් වෙන්කරවා ගෙන සිටි සේවාලාභීන්ට, ඉදිරි සති 02 ක කාලය තුළ රජයේ වැඩ කරන ඕනෑම දිනයක පැමිණ තමන්ට අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
