Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදීපාගාර දූපතෙන් කෝටි ගණනක් වටිනා අයිස් තොගයක් අල්ලයි

12 months ago

බේරුවල ප්‍රදීපාගාර දූපතේ තිබී “අයිස් මත්ද්‍රව්‍ය” තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් මෙලෙස සොයා‌ගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 68කට වඩා වැඩි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තවද, මෙම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.