Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථවල ආසන වෙන්කළ මගීන්ට දැනුම්දීමක්

12 months ago

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම නිසා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වී තිබෙනවා.

එම මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ ආසන වෙන්කිරීමේ සේවාව සිදුකරන ආයතනය සඳහන් කළේ, අවලංගු වූ මෙම බස්රථවල ගමන් කිරීම සඳහා පෙර ආසන වෙන්කරගත් මගීන් 15,000ක් පමණ සිටින බවයි.

අවලංගු වූ ගමන්වාර වෙනුවට වෙන්කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ආසන වෙන්කිරීමේ සේවය පවත්වන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමේ කාර්යභාර නිලධාරි විමල් සිරිවර්ධන මහතා සඳහන් කළා.

ඒ වෙනුවෙන් 1315 අංකය හෝ 070 3110 506 අංකය ඇමතීමෙන් වෙනත් පහසු දිනයක් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා කිසිදු ගාස්තු අය කිරීමක් සිදු නොවන බවත් කාර්යභාර නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගය යාපනය, වලපනේ, මුතූර්, සහ බිබිල යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බව පැවසූ විමල් සිරිවර්ධන මහතා කියා සිටියේ,  සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවත්, ආසන වෙන්කිරීමේ හැකියාවද පවතින බවයි.