බංගලාදේශයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානායක් අද (03) පස්වරුවේ මෙරටට ළඟාවී තිබේ.
එරට ගුවන් හමුදාවට අයත් C-130 යානයෙන් ගෙන ආ මෙම ආපදා ආධාර තොගය ලංකාවේ සිටින බංගලාදේශ මහ කොමසාරිස්වරයා වසින් ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෙත භාරදී තිබේ.
මෙම ආපදා සහන තොගයට මදුරු දැල් 1,000, ආහාර පැකට් 500ක්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය රැසක් ඇතුළත් වේ.


