පඩුවස්නුවර හෙට්ටිපොල ලංකා විදුලිබලමණ්ඩලයේ සේවකයකු ඊයේ සවස බිංගිරිය වීරපොකුණ කෝසගම ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුතුවල යෙදී සිටියදී විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.
විදුලිය වැදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා වීරපොකුණ රෝහලට ගෙන ගොස් තිබෙනවා.
පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහලවෙත රැගෙන යන අවස්ථාවේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
දැනට මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැම්පත්කර තිබෙනවා.
