‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සිය වගකීම පිළිබිඹු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත්, අවශ්‍ය සෑම විටම සහයෝගය ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වේ.
