විනාශකාරී සුළි කුණාටුවේ බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට කණගාටුව පළ කරන බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් පවසනවා.
ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් අධ්යක්ෂ ජූලි කොසැක් වැඩිදුරටත් පැවසුවා.
තවදුරටත් විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවත් අධ්යක්ෂ ජූලි කොසැක් සඳහන් කළා.
එමෙන්ම IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත් දෙසැම්බර් (15) වනදා IMF මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඇය සඳහන් කළා.
