Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා

12 months ago

ස්වභාවික විපත් හේතුවෙන් පීඩාවට පත් අසරණ ජනතාවට පරිත්‍යාගශීලීන් විසින් ලබා දී තිබූ පානීය ජල බෝතල් තොගයක් සොරකම් කර විකිණීමේ සිද්ධියකට අදාළව ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් රියදුරෙක්  මහනුවර පොලීසියට භාර දී තිබෙනවා.

මෙම රියදුරා විසින් රජයේ කැබ් රථයක් යොදා ගනිමින්, ආපදා ආධාර ලෙස ලැබුණු වතුර බෝතල් අම්පිටිය හන්දියේ රතු බෝක්කුව ආසන්නයේ ඇති ආපන ශාලාවකට විකුණා තිබුණා.    

ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් ඔහු අල්ලා ගැනීමෙන් පසු පොලීසියට භාර දී තිබෙනවා.

මේ පිළිබඳව කරුණු විමසීමේදී ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා ප්‍රකාශ කළේ, වතුර බෝතල් අවභාවිත කළ එම රියදුරාගේ සේවය වහාම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

අදාළ රියදුරා සේවයට බැඳී ඇත්තේ සති කිහිපයකට පෙර බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සොරකම අල්ලා දුන් මහජනතාව පවසන්නේ,, ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා නොමිලේ දුන් මෙම ජල බෝතල් හොර පාරෙන් මිල දී ගත් ආපන ශාලා හිමියාට එරෙහිව ද නීත්‍යනුකූල පියවර ගත යුතු බවයි.

(source – news19)