ගංවතුරෙන් විපතට පත්වූවන්ට උදව් උපකාර කිරීම සඳහා දකුණේ සිට අතුරුගිරියට පැමිණ සිටි තරුණයකු හට පහරදී ඇතැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්ව ඇත.
පසුගිය දිනක මෙම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබුණේ දකුණේ සිට උදව් උපකාර කිරීමට පැමිණි තමන් හට පුද්ගලයන් දෙදෙනකු පහරදුන් බවකි.
ඒ සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ (05) දින මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 38 හා 42 වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් ඊයේ (05) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
