ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් මත වූ බහින්බස්වීමක් දුර දිග ගොස් සිදුකළ පහරදීමකින් ගෝනප්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (5) උදේ පහරදීම සිදුව ඇති අතර පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යන අතරතුරයි මියගොස් තිබෙන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධියට සම්බන්ධ අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
