ගම්පොළ ජනතාව නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරමින් කබීර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩිව විරෝධය පළ කළා.
ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ, සාවද්‍ය තොරතුරු මඟින් රට කුලප්පු කිරීමට ඉඩ නොතබන බවයි.
“අන්තිම වෙනකන් වතුර ටික මුදාහැරියේ නැහැ. කොත්මලේ ව්‍යාපෘතියේ කොත්මලේ ගත්තම ගම්පොල මුළු නගරයම මම හිතන්නේ දාහකට වැඩිය මැරිලා ඇති. මොකද එකපාරම ගේට්ටුව ඇරියා.” යනුවෙන් කබීර් හෂිම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කබීර් හෂිම් මහතා මෙම සිදුවීමට ජල කළමනාකරණයේ අසාර්ථකත්වය චෝදනා කරමින්, දහසකට අධික පිරිසක් මිය යන්නට ඇති බවට අදහස් පළ කර තිබුණා.
ඊට පිළිතුරු දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, පුද්ගලික විවේචන හෝ අවලාද කිසිසේත් සැලකිල්ලට නොගන්නා නමුත් ව්‍යසනය අවුල් කරන සාවද්‍ය ප්රකාශයන්ට එරෙහිව හදිසී නීතිය උපයෝගි කරගන්නා බවයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට පැමිණ ඕනෑම ප්‍රකාශයක් කීරීමට හැකි නමුත් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ එලෙස ප්‍රකාශ සිදු කරන ලෙස ජනාධිපතිවරයා කබීර් හෂීම් මහතාට අභියෝග කළා.
“ඒ වගේම අපි දන්නවා ගම්පොළ ආශ්රිත මුස්ලිම් ජනතා ප්‍රජාවක් ඉන්නෙ. එතකොට කට්ටිය කල්පනා කරනවා මුස්ලිම් ප්‍රජාවට අඩු සැලකිල්ලක් තියෙන්නෙ කියලා.”
ගම්පොල ප්‍රදේශයේ වාසය කරන පුරවැසියන් මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සිතන්නේ කුමක්ද යනුවෙන් විමසූ ජනාධිපතිවරයා, මෙම සාවද්‍ය ප්‍රකාශයන් හේතුවෙන් ඇතිවන ගැටුම්කාරී ව්‍යාකූලත්වය රට ගොඩනැගීමට බාධාවක් බව අවධාරණය කළා.
