Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා තැබෙන වේලාවන් පිළිබඳව නිවේදනයක්

12 months ago

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව පොලිස් වසම් අතර මාර්ග කොටස අද (06) පස්වරු 6.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා රාත්‍රී කාලයේදී වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහායි.

මෙම කාලය තුළ එම මාර්ගය භාවිත කරන රියදුරන් කරුණාකර විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, මාර්ගයේ රැඳී නොසිටින ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටිනවා