රුපියල් 70ක් වටිනා 500 ml පානීය ජල බෝතල් 4ක් රු.90ට සහ රුපියල්100ට අලෙවි කළ නීට්ටබුවේ වෙළඳසැල් හිමිකරුවෙකුව පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබූ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්නගල්ල මහේස්ත්රාත් මංජුල කරුණාරත්න විසින් රු. ලක්ෂ 4ක දඩයක් නියම කරන ලදී.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ මෙම සැකකරු විසින් වරදක් කර ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වුවා.
පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි ස්ථාන පිළිබඳව වැටලීමට කඩිනමින් පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරී වූ අධිකරණයට දැන්වුවා.
ගම්පහ දිස්ත්රික්කයේ පාරිභෝගික අධිකාරියේ ප්රධානි උදය නාමල්ගම සිද්ධියට අදාලව වැඩිදුර කරුණු දැක්වූවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුට දඩ මුදල් නියම කළා.
