මාලඹේ පොලිස් ස්ථානය තුළ දී හදිසියේ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සිදුවු අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අද (07) උදෑසන ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී අත්වැරදීමකින් එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි.
එහිදි පොලිස් සැරයන්වරයෙකුගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබු පොලිස් නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.
මාලඹේ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
