Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 09 වන ආපදා ආධාර තොගයත් මෙරටට

12 months ago

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා ලබා දෙන ලද 09 වන ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (07) දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් මෙම විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඉලුෂියන් අයි.එල්.-76 (Ilyushin IL-76) වර්ගයට අයත්.

මෙම ගුවන් යානය අබුඩාබි නුවර සිට අද පස්වරු 04.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එහි කූඩාරම් සහ පීඩාවට පත් ජනතාවට තාවකාලික නිවාස පහසුකම් සැලසීම සඳහා වන පහසුකම් ඇතුළත්.

මෙම ආධාර තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.