Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්

12 months ago

ඓතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී ඊයේ රාත්‍රියේ සිට රැය පහන්වන තුරු සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක් පැවැත්විය.

මෙය පවත්වා තිබුණේ, මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සහ සමස්ත ජනතාවට සෙත්සුව ප්‍රාර්ථනා කිරීමත්, වියෝවූ ජනතාවට පිං අනුමෝදන් කිරීමත් අරමුණ කරගෙනය.

මෙම අවස්ථාවට විශාල පිරිසක් වූ සැදැවතුන් එක්ව සිටියහ.

කිරිවෙහෙර විහාරස්ථ කාර්ය මණ්ඩලය සහ බැතිබර දායකයින්ගේ සංවිධාන ශක්තියෙන් එය සාර්ථකව පැවැත්විණි.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිගේ අනුශාසනාව යටතේ, මාතර හා හම්බන්තොට ප්‍රධාන සංඝ නායක අති ගෞරවනීය දේවාලේගම ධම්මසේන නාහිමි ප්‍රධානත්වය දරමින්, අවට විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය සහ සහභාගීත්වයත් සමග මෙම මහා පිරිත් දේශනාව පැවැත්විණි.