සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (7) මුද්‍රා තබන ලදී.
මෙලෙස මුද්‍රා තබා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළකටයි.
ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මෙම මස් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.
එම මස්වල සාම්පල අද (8) රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි නෛතික කටයුතු සිදු කෙරේ.
