Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිටත් ඕස්ට්‍රේලියාවේ සහාය ඉල්ලයි

12 months ago

සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් ගොඩනැංවීමට සහාය වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඕස්ට්‍රේලියා මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්වුණා.

සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා.

මේ වනවිට ඕස්ට්‍රේලියාව ලබාදී ඇති සහන සම්බන්ධයෙන් ප්‍රසාදය පළකළ විපක්ෂ නායකවරයා විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වන ලෙස ද ඉල්ලා සිටියා.