Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආගමික ස්ථානවලට දීමනාවක්

12 months ago

පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙම සතියේ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නා බව ඊයේ (08) ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියා.

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු‍ ප්‍රතිසංස්කරණ මේ මස 31 වැනිදාට පෙර නිම කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් 15,000ක දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් ගෙවා අවසන් කිරීමට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නා.

මෙම රැස්වීමට පෙර ජනාධිපතිවරයා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමටද එක්වූ අතර, බදුල්ලට පැමිණෙන අතරවාරයේ ජනාධිපතිවරයා වැලිමඩ – රේන්දපොළ නායයෑම් සිදුවූ ස්ථානයද නිරීක්ෂණය කළා.