Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවර කරයි

12 months ago

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇතිවූ අධික වර්ෂා ප්‍රතිඵලයක් ලෙස ජලාශයේ එක් වාන්දොරටුව විවෘත කර තිබේ.

ජලාශයේ ජල මට්ටම සාමාන්‍ය සීමාව තුළ පවත්වාගෙන යාමට මෙම ක්‍රියාව සිදුකරන බව එහි ඉංජිනේරුවන් පැවසූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි දිනවලට නියමිත වර්ෂා පුරෝකථනයන් අනුව දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම් සිදුකරමින් පවතින බවයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැඳුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල සහ අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය යන ජලාශවලද මේ වන විට ජලය නිදහස් කරමින් ජල මට්ටම් අඩු කරන බවයි.

එහෙත්, මෙම ජල නිදහස් කිරීමෙන් පහළ ප්‍රදේශවලට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවත් සූරියබණ්ඩාර මහතා තවදුරටත් අවධාරණය කළේය.