Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් කුමාරට අධිකරණයෙන් වරෙන්තු

12 months ago

කාදිනල් හිමිපාණන්ට අපහාස කරන ලෙසත් කතෝලික ජනතාව කෝපයට පත් කරන ලෙසත් ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවකු ලෙස හැඳුන්වනු ලබන අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) නියෝග කළා.

අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු විවෘත අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරන ලදී.

එම නඩුවේ දෙවන සැකකාර අසේල නුවන් රාජපක්ෂ අද අධිකරණයේ පෙනී සිටියා.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධිය දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති බවයි.

අදාළ ප්‍රකාශය ආගමික වාර්ගික ජාතික වෛරය පතුරවන බවද විමර්ශන මගින් අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූහ.