ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අකුණු සහ ගිගුරුම් වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.
