Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් කටුනායකට

12 months ago

ආපදා ආධාර රැගත් රුසියානු සමූහාණ්ඩුවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.

මෙට්‍රික් ටොන් 35 ක් බර ආධාර තොගය තුළ ජංගම විදුලි බලාගාරයක්, එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් වන බව සඳහන්.

ඉලුෂියන්  අයි.එල්.- 76 මාදිලියේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මේ ආධාර රැගෙන ආ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු පිරිසක් සහභාගී වුණා.