Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් ලක්ෂ දෙකහමාරකට අමතර නිල ඇඳුමක්

12 months ago

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින පාසල් දරුවන් ලක්ෂ 5කගෙන් 50%කට පමණ නිල ඇඳුම් අවශ්‍යතාවය පවතින බවත් ඒ අනුව එම පාසල් දරුවන්ට අමතර පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම් නාලක කළුවැව සඳහන් කරනවා.

අදාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවත් ඒ අනුව අදාල පළාත්වල පාසල් දරුවන් ලක්ෂ දෙකහමාරකට පමණ පළාත් මට්ටමින් මෙම අමතර නිල ඇඳුම් කට්ටලය බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

ඒ අනුව දෙසැම්බර් 16 වනදා පාසල් ආරම්භවීමෙන් අනතුරුව, නිල ඇඳුම් නොමැති දරුවන්ට සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීමට අවසර ලබා දී ඇත.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල ගුරු මණ්ඩල සහ කාර්ය මණ්ඩල සඳහාද ලිහිල් ඇඳුම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.