කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමට පැමිණියා.
එවක රජය සමයේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරයෙකු ලෙස සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කර තිබුණි.
අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.
