ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙනුවෙන්.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වන බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අවදානයකින් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
