Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන ආර්ථිකය පිම්මේ ඉහළට

12 months ago

2025 වසර තුළ චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 0.1කින් ඉහළ නංවන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ “2025 ආසියානු සංවර්ධන දැක්ම” නමැති වාර්තාවෙහි මේ බව දක්වා ඇත.

චීන අපනයන අංශය ලබාදුන් ප්‍රබල දායකත්වය මෙන්ම අඛණ්ඩ මූල්‍ය ප්‍රතිපත්ති, එම තීරණට හේතු වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

මේ අතර 2025 වසරේදී ආසියා-පැසිෆික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකකයන්හි ආර්ථික වර්ධනය ද 5.1%ක් වනු ඇති බවට ද එම වාර්තාවෙන් අනාවැකි පළ කර තිබේ.

එය සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු 4.8%ක වර්ධනය හා සැසඳීමේදී සාපේක්ෂ ඉහළ යාමකි.

පෙර නොවූ විරූ අවිනිශ්චිත ගෝලීය වෙළඳ පරිසරයක් යටතේ වුවද ආසියා-පැසිෆික් කලාපයේ පවතින ස්ථාවර ආර්ථික පදනම මෙන්ම එම කලාපයේ ප්‍රබල අපනයන ක්‍රියාකාරිත්වය හා ස්ථිර සංවර්ධනය ඊට සහාය වී ඇතැයි ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත.