Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදාවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

12 months ago

දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද (11) ප.ව. 5.00 වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, තවත් පුද්ගලයන් 210ක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

සමස්තයක් ලෙස පවුල් 495,093ක් අයත් වන පුද්ගලයන් 1,703,318 දෙනෙකුට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,588ක් වන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 87,496ක්.

එමෙන්ම, ආපදාවට පත් පවුල් සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂක මධ්‍යස්ථාන (Safety Centers) 866ක් තුළ, පවුල් 26,563ක් අයත් වන පුද්ගලයන් 84,674ක් රැඳී සිටින බවයි එම වාර්තාවේ සඳහන්.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එය මරණ 234ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක්.