Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 12කට පෙර කළ වරදට පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වෙයි

12 months ago

තියුණු ආයුධයකින් පහර දී සිය බිරිද ඝාතනය කල සැමියාට මරණ දඩුවම ලබා දීමට නුවරඑලිය මහ අධිකරණය නියෝග කර තිබෙනවා.

මහ අධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා ඊයේ (11) මෙම නියෝගය නිකුත් කළා.

නුවරඑලිය කඳපොළ කෝට්ලේජ් වත්තේ පදිංචි සිව ලිංගම් ඥාණසේකරම් නැමති 43 හැවිරිදි එක් දරු පියෙක්ට මෙලෙස  මරණ දඩුවම නියම වුණා.

මෙම චූදිතයා 2013 වසරේ කඳපොළ කෝට්ලේජ් වත්තේ අංක 01 ලයිම් කාමරයේදී සිය බිරිද වන සුප්පයියා මනෝරංජනී නැමති එක් දරු මව කපා කොටා ඝාතනය කර තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් කඳපොළ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරු ඇප ලබා සිටියා.

වසර 13 ක කාලයක් නඩුව විභාග වීමෙන් අනතුරුව මහ අධිකරණ විනිසුරුවරයා ඊයෙ දින මෙම මරණ දඬුවම ලබා දීමට නියෝග නිකුත් කළා.