රාත්‍රි කාලයේ නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධෘන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශියේදි ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවු ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඊයේ (11) පස්වරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පැවසීය.
