Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්මන්පිලටයි, නන්දනටයි වැඩ වරදින ලකුණු

12 months ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අපහාස කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ මොවුන් දෙදෙනා විසින් කොමිසමට අපහාසයක් වන ලෙස කර ඇතැයි කියන ප්‍රකාශ හෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් ලැබුණු විධිමත් පැමිණිල්ලකින් පසුව විමර්ශනය ආරම්භ වූ බව කොමිසම තහවුරු කළේය.