Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරිට විශේෂ ස්තූතියක් පිරිනමයි

11 months ago

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

තමා පසුගිය දිනවල ආපදාවට ලක්වූ ප්‍රදේශවලට ගිය බවත් එහිදී විපතට පත්ව සිටින ජනතාව මුණ ගැසුණු බවත් ඔවුන්ට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දෙනවා.

මෙම තත්ත්වයන් පිළිබඳව ද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වීම වැදගත් වන බවයි නාමල් රාජපක්ෂ කියා සිටින්නේ.

ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ කථානායකවරයා විසින් මේ මස 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීමකට අනුවය.

මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්නගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණා