Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලයනල් මෙසී බලන්න පැමිණි ඉන්දීය රසිකයින් කෝපවී ක්‍රීඩාංගණයක් වනසයි

11 months ago

සුපිරි පාපන්දු තරුව නැරඹීමට අද (13) යුව භාරතී ක්‍රිරංගන් ක්‍රීඩාංගනයට රැස්වූ දහස් ගණනකට ලයනල් මෙසී නිසි පරිදි දැකබලා ගැනීමට නොලැබීමත් සමග ඇති කැළඹිලි සහගත තත්ත්වයත් සමග එහි අවුල් සහගත බවක් ඇතිවී තිබෙනවා.

ආර්ජන්ටිනා පාපන්දු ශ්‍රේෂ්ඨයා දෙස බැලීමට ඔවුන්ට නොහැකි වීමත් සමග කෝපයට පත් රසිකයින් පුටු සහ බෝතල් වීසිකරමින් ප්‍රචන්ඩ ලෙස හැසිරී තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන් සහ අනෙකුත් අමුත්තන් මෙසී අසල සිටීම නිසා රසිකයින්ට ඔහුව නිසිපරිදි දැකගැනීමට නොහැකි වූ බවට චෝදනා එල්ල වුණා.

ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසීව දැකගැනීමට හැකිවූයේ විනාඩි 10ක් පමණක් බවත්, සංවිධායකයින් තමන්ව රවටා ඇති බවත්ය.

මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක (ශ්‍රී.ල.රු. 61,000) මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවිකර ඇති බවත් සඳහන්ය. 

නීතිය හා සාමය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) ජාවෙඩ් ෂාමිම් තහවුරු කළේ උත්සවයේ ප්‍රධාන සංවිධායක සතාදෘ දත්තා මහජන පීඩාවට ලක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි.